Popular posts from this blog
Maashi Hewage in Mrs. World nobel Queen
සඳනි ප්‍රනාන්දු කොරියාවට ගිය හේතුව
ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවන්නේ සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන ‘තුත්තිරි’ ටෙලි නාට්‍යය තුළිනි. ඉදිරියේදී තවත් කලා නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවීමට සූදානමින් සිටින ඇය පසුගිය දිනවල කොරියාවේ සංචාරයක නිරත විය. ඒ පිළිබඳව සඳනි අපිට පැවසුවේ මෙවැනි අදහසකි. “කොරියාවේ ගියේ මට පුසංග කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබු නිසා. සතියක කාලයක් මම කොරියාවේ හිටියා. ඒ අතරතුර සංවිධානය කරලා තිබුණ ප්‍රසංග තුනකට සහභාගි වුණා. ප්‍රසංග තිබුණේ කොරියාවේ නගර තුනක. ලාංකීකයෝ බොහෝ පිරිසක් මේ ප්‍රසංග සඳහා සහභාගි වෙලා හිටියා. රසික ප්‍රතිචාරවල නම් මට අඩුවක් තිබුණේ නැහැ. ගොඩක් අය මාව අඳුනගත්තේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘රශ්මි’ විදිහට. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය නිමාවෙලත් තවමත් ‘රශ්මි’ කියන මා රඟපෑ චරිතය කාටවත් අමතක වෙලා නැහැ කියලා මේ ලැබුණ ප්‍රතිචාරත් එක්ක මට දැනුණා.
Comments
Post a Comment